මෑතකදී අවසන් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ විභාගය මේ මස 16 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.
මෙම පෙත්සම් අද (11) එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.
අදාළ විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් තුන ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ කලින් පිටවූ ප්‍රශ්න බව කියන ප්‍රශ්න තුන ඇතුළත් පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගයක් නොපැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් එම ප්‍රශ්න තුන සඳහා එම විභාගයට ඉදිරිපත් වූ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම නිදහස් ලකුණු ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන බවත් නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණයට දැනුම්දී තිබුණි.