වගා හානි සිදුකරන රිලවුන්ට ඇති සුදුසුම විසඳුම පසුගිය රජය සමයේ තීරණය කළ පරිදි රිලවුන් විදෙස් රටවලට යැවීම බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
එම අවස්ථාවේ පරිසර සංවිධාන විරුද්ධ වී ඊට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට යොමු වූ බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
ඒ අනුව වත්මන් රජය කඩිනමින් ක්‍රියාත්මක වී මෙරට රිලවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන සඳහා යැවීම කළ යුතු බවයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
“පොල් ගෙඩි මිලියන 200කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව අහිමි වෙනවා. රිලවුන්ගෙන් වෙන හානිය නිසා ඒ වගේම වී අස්වැන්නට විශාල හානියක් තියෙනව මොණරුන්ගෙන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයට අලුතින් වගා කරන්න අවශ්‍ය නැහැ මේ සත්තුන්ගෙන් වෙන හානිය නවත්තගත්තොත්, රටේ ජනතාවට අවශ්‍ය ආහාර වගේම අපනයනයටත් යොමු වෙන්න පුළුවන්”