අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී යැයි තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා.
එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ අසාද් සාලි මහතාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරන බවයි.
එබැවින් පෙත්සමේ වගඋත්තරකරුවන් වන හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල යන නිලධාරීන් අසාද් සාලි මහතාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ අනුව,වගඋත්තරකරුවන් විසින් අසාද් සාලි මහතාට රුපියල් 75,000ක මුදලක් ගෙවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.