Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දූ දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව! අයදුම්පත් යොමු කරන ආකාරය මෙන්න!

1 month ago 4.2 K

2024 වර්ෂයට අදාළව රටවිරු දූ දරු ශිෂ්‍යත්වය සදහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් මසදී ආරම්භ කළ අතර එම කාලය 2024 දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.

එසේම මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබද පාසල් මට්ටමින් විගමණික ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය මේ සදහා යොමු කරන ලෙස කාර්යාංශය ඉල්ලා සිටියි.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සදහා විදේශගතව සිටින ලාංකික දෙමව්පියන්ගේ දරුවන් උදෙසා ය. එම ශිෂ්‍යත්වයන් කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබයි.

ඒ අනුව, මුදලින් රුපියල් 25,000 ක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටත්, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ටත් හා රුපියල් 40,000 ක් උසස් පෙළ විභාගය සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සහ කාර්මික විද්‍යාල සදහා සුදුසුකම් ලබා ඇති දරුවන් හට පිරිනමනු ලබයි.

මේ සදහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) අයදුම් කළ හැකිය.

ඒ සදහා සුදුසුකම් ඇති දරුවන් www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අයදුම් කොට මෙම වටිනා අවස්ථාව උදාකර ගන්නා ලෙස කාර්යාංශය පවසා සිටියි.

මේ පිළිබද වැඩිදුර විස්තර 011 2365471 යන දුරකථන මාර්ගය ඔස්සේ හෝ www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *