2005 -2024 කාලය තුළ ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු පිළිබඳව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) පාලරීමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ මෙවැනි අදහසක්.
“මේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් විදිහට අරමුදලක් තිබෙනවා 1978 අංක හත දරණ ජනාධිපතිවරයාගේ අරමුදල් පනත. මේ පනත 1978 නොවැම්බර් මාසයේ සම්මත කරනකොට බොහොම පැහැදිලිව කියලා තියෙනවා උදව් කළ යුතු කොටස් කිහිපයක්.
අරමුදලට අයත් මුදල් මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන ආකාරයට,
- දරිද්‍රතාවයට සහන සැලසීම සඳහා
- අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම සඳහා
- ආගම නංවාලීම සඳහා
- ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයක් කිරීම සඳහා
- ජනාධිපති හෝ මණ්ඩලය තීරණය කරන ආකාරයට සුබසිද්ධිය හෝ යහපත සැලසීම සඳහා
ප්‍රධාන වශයෙන්ම දුප්පත්කම තුරන්කර සහන සලසන්න, අධ්‍යාපනයට, ආගම ඒ වගේම ජාතිය වෙනුවෙන් සේවය කළ අයට තමයි මේ ජනාධිපති අරමුදලෙන් මේ සහන සපයන්න පුළුවන්. මේ මගේ ළඟ තිබෙන්නේ දෙදාස් පහ, දෙදාස් විසිහතර, ජනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු, මට මේ තිබෙන වෙලාව අනුව ගොඩක් වෙලා කියවන්නේ නැති නිසා මේකෙන් අර මම කැටගරි වලට ඔබතුමන්ලා තෝරන්න මේ කොයි එකෙන්ද දීලා ඇත්තේ කියලා. මම කියන්නම් නම් ටිකක්. මේකෙන් මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත්ත කට්ටිය. දැන් අපේ ගම්වල හෘද සැත්කමක් හරි, පිළිකා රෝගයකට හරි, මොකක් හරි දේකට මේ ජනාධිපති අරමුදලෙන් ආධාර ගන්න ගියහම, කොච්චර දීලා තියෙනවද? ඒක කොච්චර දුෂ්කරද කියලා ඔබතුමන්ලා, ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, මන්ත්‍රීවරු හැටියට දන්නවා.
“මේ අයගේ නම් කෙලින්ම තිබෙනවා. තව නම් කිහිපයක් තිබෙනවා…සොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ.”
“දයාසිරි පද්මකුමාර ජයසේකර වෙන්න ඕනේ..”
පියල් නිශාන්ත ද සිල්වා
සුසිල් ප්‍රේමජයන්ත
ඉසුර දේවප්‍රිය
“මේ කට්ටියක්.. තව ඉන්නවා…”
ජගත් කුමාර – රු. ලක්ෂ 10යි
කේ පී එස් කුමාරසිරි – රු 953,430
ජයලත් ජයවර්ධන – රු ලක්ෂ 10යි
නාමල් ගුණවර්ධන – රු ලක්ෂ 10යි
ධර්මදාස බණ්ඩා – රු ලක්ෂ 10යි
විදුර වික්‍රමනායක – රු ලක්ෂ 15යි
විමලවීර දිසානායක – රු ලක්ෂ 30යි
ලකී ජයවර්ධන – රු ලක්ෂ 16.2යි
පී චන්ද්‍රසේකරන් – රු ලක්ෂ 14යි
ජෝන් අමරතුංග – රු ලක්ෂ 40යි
ජෝසප් මයිකල් පෙරේරා – රු ලක්ෂ 27යි
ටී බී ඒකනායක – රු ලක්ෂ 48යි
ඩබ්ලිව් එම් එස් ෆොන්සේකා (සරත් ෆොන්සේකා නොවේ) – රු ලක්ෂ 55යි
ජයන්ත වීරසිංහ – රු ලක්ෂ 90යි
ඇලික් අලුවිහාරේ – රු ලක්ෂ 22යි
රංජිත් අලුවිහාරේ – රු ලක්ෂ 8.6යි
රාජිත සේනාරත්න – රු ලක්ෂ 100යි
කෙහෙළිය රඹුක්වැල්ල – රු ලක්ෂ 110යි
එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන – රු ලක්ෂ 112යි
රංජිත් සොයිසා – රු ලක්ෂ 188යි
දි මු ජයරත්න – රු ලක්ෂ 300යි
“මේකෙන් තෝරන්න ඉහත අංශවලින් කොයි එක යටතේද දීලා තියෙන්නේ කියලා.”