Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් දරුවන්ට සුබ ආරංචියක්

5 months ago 21.9 K

ලබන වසර ආරම්භයේ සිටම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට රුපියල් 6,000ක් බැගන් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

ඊට අදාළ පරිපූරක ඇස්තුමේන්තුව ඊයේ(17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඇය ප්‍රකාශ කළේ, පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා එය උපකාරී වනු ඇති බවයි.

දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ සංඛ්‍යාවකට අදාළ දීමනාව ලබාදීමටයි සැලැසුම් කර ඇති බව සඳහන්.

පසුගිය ආර්ථික අර්බුද පැවති සමයේ පාසල් දරුවන්ගෙන් 55%කට අධික ප්‍රමාණයක් ඉතා අහිතකර ආර්ථික දුෂ්කරතාවන්ට ගොදුරු වී තිබෙනවා.

ග්‍රාමීය හා වතුපාසල් ආශ්‍රිත ව මේ තත්වය වඩාත් උග්‍ර අතර ඉන් 53%කට අධික දරුවන්  සංඛ්‍යාවක් පාසල් ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම ඉතා අවම කර හෝ මුළුමනින් ම නවතා දමා ඇති බව සඳහන්.

සියයට 26ක් ඉක්මවූ පිරිසක් පෙර භාවිත කරන ලද ලිපිද්‍රව්‍ය ම නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව හෙළිව ඇත්තේ.

එම ආර්ථික දුෂ්කරතා මගින් දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කර ඇති අහිතකර බලපෑම අවම කරගැනීමේ අපේක්ෂාවෙන් රජය මෙම මූල්‍ය දීමනාව ලබන වසර මුල සිට ම සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බව හරිනි අමසූරිය මෙනෙවිය කියාසිටියා.

‘අස්වැසුම’ ප්‍රතිලාභ හිමි පවුල්වල දරුවන් අටලක්ෂ විසිපන්දහසක් සහ අස්වැසුම හිමිකම් නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් ලක්ෂ දෙකහමාරක පමණ පිරිසකටත් මෙම දීමනාව හිමි වනවා.

මේ සඳහා වයස අවුරුදු 5ත් – 18ත් අතර දරුවන් දසලක්ෂ විසිපන්දහස ඉක්මවූ පිරිසක් සුදුසුකම් ලබන බව සඳහන්.

ඊට අදාළ මුදල වන රුපියල් මිලියන 6500ක ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම වෙනුවෙන් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බවයි, අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *