විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඊයේ (17) නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මතු කළ කාරණාවක් ඉලක්ක කරගනිමින් මෙම ඉදිරිපත් කිරීම සිදු කරන බවයි.
තමා මෙරට සාමාන්‍ය පෙළ විභායට පෙනී නොසිටි බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා සිටියා.
එමෙන්ම, තමා සාමාන්‍ය පෙළ විභාගය අසමත් වූ බව ව්‍යාජ පුවතක් බවත් එය සමාජ ගත කිරීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බවත් ඔහු තවදුරටත් සඳහන් කළා.
“මම ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය පෙර පාසල් අධ්‍යාපනය ලැබුවා
ප්‍රාථමික අධ්‍යාපනය ශාන්ත තෝමස් විද්‍යාලයෙනුත් , ද්විතීයික අධ්‍යාපනය රාජකීය විද්‍යාලයෙනුත් ලබා ගත්තා
මම මේ රටේ සාමාන්‍ය පෙළ විභාගය කළේ නැහැ , මම ඉදිරිපත් කරන්න කැමති පාසලේ ප්‍රගති වාර්තාව..
කාලයක් කණිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදියට මෙන්ම 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටියා ඒ සහතිකත් මම ඉදිරිපත් කර තිබෙනවා.
අනතුරුව මම එංගලන්තයේ Mill Hill School විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා.
83/84 කාල වකවානුවේ මම The Oxford and Cambridge Schools Examination Board යටතේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමින් A2 B2 C 3 වශයෙන් ප්‍රතිඵල ලබා ගෙන සමත් වුණා. “
එමෙන්ම තමා The Oxford and Cambridge Schools Examination Board යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිට ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ව්‍යාපාරික අධ්‍යනය යන විෂයයන්වලට C 1 ක් සහ B 2ක් වශයෙන් ප්‍රතිඵල ලබා ගත් බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා.
එම විභාග ප්‍රතිඵල අනුව London School of Economics and Political Science විශ්ව විද්‍යාලයේ උපාධිය හදාරා 1991 වසරේදී උපාධිය ලබා ගත් බව ඔහු පවසා සිටියේ සිය උපාධි සහතිකයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්