Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රජයට අයත් ආයතන 166ක් ගැන තීරණයක් ගැනීමට සැරසෙයි

1 year ago

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, විවිධ නියාමන කටයුතු, භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ වෙළෙඳපොළ කටයුතුවලට මැදිහත්වීම, සම්පත් සාධාරණව බෙදාහැරීම, ආපදා කළමනාකරණය සහ සමාජ සුබසාධනය වැනි ප්‍රධාන කාර්යයක් රජය වෙත පැවරී ඇත. 

එම කාර්යයන් ක්‍රියාත්මක කිරීම් සඳහා ආරක්ෂක අංශ සහ පොලීසිය හැරුණු විට දෙපාර්තමේන්තු 86ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යයල 25ක් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339ක්, රජයට අයත් ව්‍යාපාර 340ක් සහ වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115ක් යම් වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. 

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවත්නා වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115ක් සඳහා සහ රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතට ගැනෙන ආයතන 51ක් සඳහා 2024 වර්ෂය වෙනුවෙන් ජාතික අය වැය මඟින් රුපියල් බිලියන 140ක් පමණ වෙන් කර ඇත. 

වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් එම ආයතන යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යයන් පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරනු ලබන ආයතන කිහිපයක් පැවතීම වැනි කරුණු හේතුවෙන් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. 

ඒ අනුව අදාළ සමාලෝචනය සිදුකර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට එහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එම කමිටු සමාජිකයින් පහත පරිදි වේ.

අග්‍රාමාත්‍ය ලේකම් – සභාපති

ලේකම් – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
ලේකම් – කෘෂිකර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය
ලේකම් – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
ලේකම් – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
මහා භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරන ලද නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙක්
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නම් කළ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්
ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් 
අධ්‍යක්ෂ ජනරාල් – කළමනාකරණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ ජනරාල් – රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව 
සභාපති – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *