ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජැග්නා ටයිටන්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් අතර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.
එහිදී හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ලකුණු 26කින් ජයග්‍රාහණය කරමින් ලංකා T10 ක්‍රිකට් ශූරතාව තමත් සතු කර ගැනීමට සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් Bangla Tigers කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 133 ක් ලබා ගැනීමට සමත් වුණා.
Mohammad Shahzad හා ශෙවෝන් ඩැනියල් ලකුණු 26 බැගින් ලබා ගත් අතර, නායක දසුන් ශානක ලකුණු 21කට දැවී ගියා.
පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව් ලකුණු 18 කට කඩුලු දෙකක් දවා ගත්තා.
තරගාවලිය පුරාවට අපරාජිතව සිටි Jaffna Titans කණ්ඩායමට පිළිතුරු ඉනිමේදී කඩුලු හයක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 107 ක් පමණයි.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූයේ කුසල් මෙන්ඩිස්. ඔහු ඉනිම පහකදී ලකුණු 203 ක් රැස් කළේය.
තරග හයකදී කඩුලු 12 ක් බිද හෙලූ ට්‍රෙවීන් මැතිව් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණා.