Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලීසියට පහරදුන් ජනප්‍රිය රංගන ශිල්පිණී මහේෂි මධුශංකාගේ සැමියා රිමාන්ඩ්

6 months ago 11.2 K

ප්‍රසිද්ධ රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පහරදීමෙන් බරපතළ තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙක් හා පොලිස් කොස්තාපල්වරයෙක් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පෙරේදා (19) රාත්‍රී රංගන ශිල්පිණිය බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම සංචාරයේ  දී සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු කොස්තාපල්වරුන් දෙදෙනෙකු රංගන ශිල්පිනියගේ නිවස වෙත ගොස් තිබුණි.

නිවසේ ආලින්දයේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදී තිබූ සැකකරු  එකවරම පොලිස් සැරයන්වරයාගේ මුහුණ දෙසට පාදයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම සැරයන්වරයා හිද සිටි පුටුවෙන් අඩි කිහිපයක් ඈතට විසිවී වැටී ඇත.

ඒත් සමගම එම ස්ථානයට ගොස් තිබූ සැකකරු සැරන්වරයාගේ ගෙල මිරිකීමට උත්සාහ කිරීමේදී එහි සිටි කොස්තාපල්වරුන් දෙදෙනා සැරයන්වරයා බේරා ගැනීමට උත්සාහ දැරීමේදී ඔවුන්ට ද සැකකරු පාදයෙන් පහර දී ඇති අතර එම ප්‍රහාරයෙන් එක් කොස්තාපල්වරයෙකුද එම ස්ථානයේදීම බිමට වැටී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනෙක් කොස්තාපල්වරයා විසින් දැඩි ආයාසයක් දරා තුවාල ලබා සිටි සැරයන්වරයාව සහ කොස්තාපල්වරයාව නිවසින් පිටතට ගෙන, ඒ බව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඔහුගේ හිස ප්‍රදේශයට ද තුවාල සිදුවී තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනා සමගම කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලීසිය පැවසීය.

සැකකරුගේ අනපේක්ෂිත ප්‍රහාරයේ හේතුවෙන් සැරයන්වරයාගේ වම් ඇසට සහ කොස්තාපල්වරයාගේ දකුණු පාදයට බරපතළ තුවාල සිදුවී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *