Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හැටන් බස් රථ අනතුරේ රියදුරුට අධිකරණය දුන් නියෝගය

4 months ago 3.8 K

හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ (21) සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබමින් සිටි එම බස් රථයේ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. රාම්මුර්ති මහතා විසින් අද (22) මෙම නියෝග නිකුත් කර ඇත.

රෝහල වෙත පැමිණි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා, වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබද කරුණු විමසා මෙම නියෝගය ලබාදී තිබේ.

ඒ අනුව සැකකාර රියදුරා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ රෝහල තුළම මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ (21) උදෑසන හැටන් සිට මහනුවර බලා ධාවනය වූ මෙම බස් රථය මල්ලිඅප්පුව ප්‍රදේශයේදී අනතුරට ලක්විය.

වංගු සහිත මෙම මාර්ගයේ රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිවී එය මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 20ක පමණ කොන්ක්‍රීට් බැම්මකින් පහළට වැටුණි.

එම අනතුරින් රියැදුරු සහ සහයක ඇතුළු 53 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එලෙස මියගොස් තිබුණේ හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු  14ක පාසල් ශිෂ්‍යයෙක්, 68 හැවිරිදි මහනුවර පදිංචිකරුවෙක් සහ කාන්තාවක්ය.

ඉන් හැටන් වතුයායේ පදිංචිව සිටි දේවරාජ් දිනේෂ්කුමාර් නමැති 14 හැවිරිදි දරුවාගේ සිරුර ඔහුගේ නිවසේ මේ වනවිට තැන්පත් කර තිබේ.

එම දරුවාගේ මව සෞදි රාජ්‍යයේ ගෘහ සේවයේ රැකියාවක නිරතව සිටින අතර, ඇය දිවයිනට පැමිණිමෙන් අනතුරුව දේහයේ අවසන් කටයුතු සිදුකරන බව පවුලේ ඥාතීන් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *