Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද සිට විශේෂ රථ වාහන මෙහෙයුමක්! වැරදි කළොත් වහාම මෙම අංක වලට දැනුම්දෙන්න!

5 months ago 3.6 K

එළඹෙන උත්සව සමයට සමගාමීව මර්ග බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද සිට දිවයින පුරා ක්‍රියාත්මකයි.

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහන වලන් සිදුවූ රිය අනතුරු සැලකිල්ලට ගනිමිනුයි මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් ලබා දී ඇත්තේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීමක් සිදුකෙරන අතර රියැදුරන් මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නේද යන්න එහිදී සොයා බැලෙනවා.

එමෙන්ම, අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම, මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරීම, ධාවනය නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනය කිරීම ඇතුළු අනතුරුදායක තත්ත්වයෙන් රිය ධාවනය කරන පුද්ගලයන් ද පරීක්ෂා කිරීම සිදු කිරිමට නියමිතයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරන කාල සීමාව තුළදී අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරනු ලබන රියැදුරන් සම්බන්ධයෙන් 119 සහ 1997 යන කෙටි දුරකතන අංකවලට තොරතුරු ලබාදිය හැකියි.

එමෙන්ම, මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් ඒවාද වට්ස් ඇප් මගින් එවීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *