මූඩිස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ මට්ටම සී ඒ සිට සී ඒ ඒ වන් දක්වා ඉහළ දමා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය හිමියන් ඇමෙරිකා ඩොලර් බිලියන 12කට අධික ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනුමත කිරීමෙන් පසු මූඩීස් ආයතනය ද ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම මෙලෙස ඉහළ නංවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය පැතිකඩ හරහා බාහිර අවදානම් හා රජයේ ද්‍රවශීලතා අවදානම අඩුවීම මෙන්ම මූල්‍ය හා ණය තිරසර භාවය පිළිබඳ අපේක්ෂාවන් පිළිබිඹු වන බවයි එම ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය මූලිකාංග වැඩිදියුණු වී ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා.
මේ ආකාරයටම පසුගිය සිකුරාදා දිනයේදී ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය ද ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම සී සී සී ප්ලස් දක්වා ඉහළ නැංවීමට පියවර ගත්තා.