ජා – ඇළ ශාන්ත ආනා ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ, අද(24) අලුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති බවයි.
ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාර 40ක් පමණ එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මීට පෙර පසුගිය 15 වන දින රාත්‍රියේ ද මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
මේ සම්බන්ධයෙන් වන විමර්ශන ජාඇළ පොලීසිය විසින් ආරම්භ කර තිබේ.