Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බෙන් ස්ටොක්ස්ට මාස 3කට ක්‍රිකට් අහිමි වෙයි

4 months ago 1.3 K

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටොක්ස්ට මාස 3ක කාලයක් සියලුම අකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අහිමි වී තිබේ.

පසුගියදා නවසීලන්තය සමග පැවති තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදි එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්විය.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, ලබන ජනවාරි මාසයේ බෙන් ස්ටොක්ස් සැත්කමකට ලක් කිරීමට නියමිත බවයි.

ඒ හේතුවෙන් මාස 3ක කාලයක් ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම අහිමි වනු ඇති.

ස්ටොක්ස්ට ආබාධයක් හේතුවෙන් මේ වසරේ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වූ දෙවැනි අවස්ථාව මෙයයි.

මින් පෙර මේ වසරේ අගෝස්තු මාසයේ පැවති ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේදී ද ඔහු මෙලෙස ආබාධයකට ලක්විය.

මේ වනවිට ටෙස්ට් තරග 110කදී, එක්දින තරග 114කදී සහ පන්දුවාර 20 තරග 43කදී එංගලන්තය නියෝජනය කර ඇති බෙන් ස්ටොක්ස් ලකුණු 10,767ක් ලබාගෙන ඇති අතර කඩුලු 310ක් දවාගෙන තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *