Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්

2025 වර්ෂයේ පාසල් පැවැත්වෙන දින ගණන අඩු කරයි

1 year ago

රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමඟ රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැවැත්වීමේ දින 210ක අවශ්‍යතාවය 2025 නව වසරේදී දී දින 181 දක්වා අඩු කර ඇත.

2024 අධ්‍යයන වර්ෂය සඳහා තුන්වන වාරය සම්පූර්ණ කිරීම සඳහා ජනවාරි 2 සිට 24 දක්වා පළමු සති තුන පාසල් පැවැත්වෙන බැවින්, 2025 සඳහා වන පාසල් වර්ෂය තාක්ෂණික වශයෙන් ජනවාරි 27 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව, 2025 සඳහා වන රජයේ නිවාඩු දින 26 න් සති අන්තයේ ඇත්තේ හතරක් පමණක් වන අතර, අනෙක් සියල්ල සතියේ දිනවලට යෙදී ඇත.

එබැවින් දින 210 ක් පන්ති පැවැත්වීමට නොහැකි බවත්, 2025 සඳහා පාසල් දින 181කට සීමා කිරීමට අවසර දුන් බවත් අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *