Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දුරකථන පැකේජ මිල ගැන විශේෂ දැනුම්දීමක්! පැකේජයන්වල ගාස්තු වැඩි වූ බවට පළ වූ මාධ්‍ය වාර්තාවල ඇත්ත නැත්ත මෙන්න!

1 month ago 16.4 K

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මාධ්‍ය වෙත  අදහස් දක්වමින් සඳහන් කළේ, සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට අවසර දී නොමැති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා,

“ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ, විදුලි සංදේශ සේවාවන්ට අදාළ මිල ගණන් අනුමත කිරීමේ කාර්යේ නියුතු අධ්‍යක්ෂ වශයෙන් ජංගම දුරකථන පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළවූ වාර්තා  පිළිබඳව පැහැදිලිවම ප්‍රකාශ කර සිටින්නේ 1991 අංක 25 දරණ විදුලි සංදේශ පණතින් ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබී ඇති බලතල අනුව, සේවාදායක සමාගම් වෙනුවෙන් අනුමතකර දී ඇති කිසිදු ජංගම දුරකථන පැකේජයක මිල ගණන් ඉහළ දැමීමකට කිසිම සමාගමකට අපි අවසර දී නොමැති බවයි.”

“මේ පුවත කොමිෂන් සභාවට දැනගන්න ලැබීමත් සමග කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන සමාගම්වලින් ඒ පිළිබඳව විමසීමක් සිදුකරනු ලැබුවා. එම සිදුකිරීමට අනුව ඒ සියලුම ජංගම දුරකථන සමාගම් පවසා සිටියේ කිසිම මිල වැඩි කිරීමක් කර නොමැති බවයි. ඒ පිළිබඳව එම සමාගම් ලිඛතව කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට මහජනතාව නොරැවටෙන ලෙස ඉල්ලා සිටිනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *