Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩබල් ගේමක් නිසා අර්චුනාගේ මන්ත්‍රී ධූරය අහෝසි වෙයිද ?

1 month ago 5.4 K

යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 31 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (15) නියම කළා.

රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා ඉකුත් මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී තිබෙන බවයි පෙත්සම්කරු චෝදනා කරන්නේ.

රජයේ සේවයෙන් ඉවත් නොවී නාමයෝජනා භාරදීම නීතිවිරෝධී බව පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කරනවා.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වගඋත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කර එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් ලෙස පෙත්සම්කරු සිය පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙම පෙත්සම වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

එහිදී වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල නිසියාකාරව පත්වී නොමැති බැවින් මෙම ඉල්ලීම ඊළඟ දින සිදුකරන ලෙස විනිසුරුවරයා එම නීතිඥවරයාට දැනුම් දුන්නා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *