2024 වසරේ නොවැම්බර් මස පැවැත්වීමට සැලසුම් කර තිබුණත් 2025 වසර දක්වා ප්‍රමාද වූ lnternational Master League තරඟාවලිය සඳහා දින නියම වී තිබෙනවා.
ඉන්ටනරුෂනල් මාස්ටර් ලිග් තරඟාවලිය සඳහා කුමාර් සංගක්කාර, සචින් තෙන්දුල්කාර්, ශේන් වොට්සන්, ඔයින් මෝගන්, ජොන්ටි රෝඩ්ස් සහ බ්‍රයන් ලාරා ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම් 06 ක් තරඟ වැදීමට නියමිතයි.
මෙම තරඟාවලිය එළඹෙන පෙබරවාරි 22 වනදා සිට මාතර් 16 දක්වා ඉන්දියාවේ මුම්බායි, රාප්කෝට් සහ රායිපූහරීදී පවත්වන බව සඳහන්.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් සුපිරි ක්‍රීඩකයින් රැසක් මාස්ටර් ලිග් තරඟාවලිය සඳහා එක්වීමට සූදානමින් සිටිනවා.