Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නලින් හේවගේගේ කතාවක් ප්‍රචාරය කළාට ‘හිරු’ තවත් නාලිකාවකට නඩු දමයි

1 month ago 6.6 K

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විසින් හිරු නාලිකාව සහ දුමින්ද සිල්වා යන අය පිළිබඳව සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් විකාශය කිරීම වළක්වාලමින් නිව්ස් සෙන්ටර්(News center) ජනමාධ්‍ය ආයතනයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කර තිබේ.

ඒෂියා බ්‍රෝඩ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවෙට්) ලිමිටඩ් (හිරු) ආයතනය විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබද පනත යටතේ කරන ලද ඉල්ලීමක් සලකා බලමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ දුමින්ද සිල්වා යන අය පිළිබඳව රූපවාහිනී නාලිකාවක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් newscenterහි විකාශනය කිරීම මෙම පෙත්සමට හේතු වී තිබෙනවා.

මෙම පෙත්සම මඟින් නිව්ස් සෙන්ටර් ආයතනයේ අධ්‍යක්ෂ මංජුල බස්නායක ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කර තිබෙනවා.

අදාළ ප්‍රකාශය විකාශය කිරීම මෙන්ම මෙන්ම මින් ඉදිරියට හිරු මාධ්‍ය නාලිකාව සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීම වළක්වාලන නියෝගයක් ද නිකුත් කර තිබේ.

මෙම කොන්දේසි සහිත ආඥාව ජනවාරි 23 වන දින දක්වා බල පැවැත්වෙන බව සඳහන්.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ නම් සති දෙකක කාල සීමාවක් තුළදී අධිකරණය ඉදිරියේ පෙනී සිට කල යුතු බවත් එම නියෝගයේ සඳහන්.

එමෙනම්, මෙම නියෝගයට අවනත වී ඒ අනුව ක්‍රියා කළ යුතු අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් නීතිය යටතේ දඩුවම් විදීමට සිදුවනු ඇති බවටද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය මඟින් අවධාරණය කර තිබෙනවා.

මීට පෙර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව නියෝග ලබාගෙන ඇතත්, ජනමාධ්‍ය ආයතනයක් තවත් ජනමාධ්‍ය ආයතනයකට එරෙහිව මෙම පනත යටතේ අධිකරණයට ගිය පළමු අවස්ථාව මෙය වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *