Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උතුරු වෙරළට ගොඩ ගැසූ අද්භූත නිවස සම්බන්ධයෙන් තොරතුරු හෙළි වෙයි

1 year ago

පසුගියදා සොයාගත්, මුහුදේ පාවෙමින් පැමිණ කන්කසන්තුරේ මරදන්කීරි වෙරළට ගොඩගසා තිබු පාරුවක සවිකළ රන්සිවි ගෙය මියන්මාරයේ සිට පැමිණි එකක් බව කියයි.

වෙරළේ තිබි සොයාගත් මෙම පාරුවේ තිබූ රන්සිවි ගෙය තුළ තිබී බුදුපිළිම කිහිපයක්, පාත්තර, ඇතුළු පුජා භාණ්ඩ තිබි ඇති අතර හිමි නමකගේ ජායාරුප සහිත පුවරු කිහිපයක් රන්සිවි ගෙහි එ‍ල්ලා තිබු බව සඳහන් වෙයි.

මියන්මාර වෙරළෙන් පාරුව සහිත රන්සිවි ගෙය මුහුදට දමා ඇත්තේ භාරයක ඔප්පු කිරීමක් වෙනුවෙන් යැයි කියමින් තඹ තහඩුවක මියන්මාර භාෂාවෙන් ලියා තිබූ බවද වාර්තා වෙයි.

මරදන්කීරි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *