Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තරුණ තරුණියන් 10,000කට පොලිසියේ රැකියා අවස්ථා

1 month ago 5.5 K

ඉදිරියේ දී පොලිස් සේවය සඳහන් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ සඳහා රජය විසින් පොලිස් දෙපාර්තුමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

නිලධාරීන් විශ්‍රාම යාම, රාජකාරියේ නිරතව සිටින නිලධාරීන් හදිසියේ ජීවිතක්ෂයට පත්වීම ඇතුළු කරුණු හේතුවෙන් මේ වන විට පොලිසිය තුළ නිලධාරී 22,000කගේ පමණ හිඟයක් පවතින බව ඔහු පැවසීය.

මේ අතර ප්‍රභූ ආරක්ෂව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 2,000ක් පමණ යළිත් පොලිස් ස්ථානවල සේවය සඳහා යෙදවීමෙන් නිලධාරී හිඟය පියවා ගැනීමට යම් සහනයක් ලැබුණු බව ද වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *