Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චීනය සමඟ අත්සන් තැබූ මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

1 month ago 1.7 K

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙම ගිවිසුම සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බවයි.

චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව මෙම ගිවිසුමෙන් පිළිඹිබු කෙරෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති පැන් ගොන්‍ශ‍ෙන් මහතා අත්සන් තැබුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *