Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔන්ලයින් ටිකට් වංචාවට දුම්රිය සේවකයෙකුගේ වැඩ තහනම්

1 month ago 2.6 K

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල, දෙමෝදර දකවා ගමන් ගන්නා දුම්රියවල මාර්ග ගත ප්‍රවේශපත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය සේවකයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කොට්ටාව, මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු සේවකයෙක් මෙම ඔන්ලයින් දුම්රිය ප්‍රවේශපත් වංචාවට සම්බන්ධ බවට ලැබී ඇති තොරතුරු අනුවයි අදාළ සේවකයාගේ වැඩ තහනම්කර ඇත්තේ.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් පරිදි සේවකයාගේ මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇති අතර, ඔහුට එරෙහිව පුළුල් පරීක්ෂණයක් සිදුකිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සේවකයාගේ වැඩ තහනම පරීක්ෂණ අවසන්වන තුරු ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *