රජයේ වී ගබඩා වෙත වී තොග ලබාදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා අමතර රුපියල් දෙකක මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඔහු සඳහන් කළේ නිෂ්පාදන වියදමට තුනෙන් එකක් එකතු කර වී කිලෝවක් සඳහා සහතික මිලක් ලබාදෙන බවයි.
එමෙන්ම නිෂ්පදන පිරිවැය සැකසීමේ දී රජය විසින් ලබාදෙන පොහොර සහනාධාරය ගණනය කිරීමක් සිදුනොකරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
අද (18) දිනයේ ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ තවත් සති දෙකක් ඇතුළත සහල් ගැටලුව සම්පූරණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.