Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රණවිරුවන්ගේ ගැටළුවලට විසඳුම් ලබා දීමට විශේෂ වැඩපිළිවෙළක්

1 month ago 1.9 K

දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ රක්ෂිතයිතයට පත් රණවිරුවන්ගේ සුබසාධන කටයුතු හා ගැටළුවලට විසඳුම් ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සම්බන්ධව අවධානය යොමුව තිබේ.

ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් වැඩබලන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද ඊයේ (17) පවත්වා තිබේ.

මින් පෙර පැවැති සාකච්ඡාවල එලැඹි තීරණවලට අනුව මේ දක්වා ලබා ගෙන ඇති රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානය යොමුව ඇති අතර මෙම ගැටළු ඵලදායීව සහ කාර්යක්‍ෂමව විසඳීම සඳහා ක්‍රමානුකූල ප්‍රවේශයක අවශ්‍යතාවය කමිටුව විසින් අවධාරණය කර තිබේ.

මෙහිදී අදහස් දක්වනිම් අමාත්‍යවරයා පැවසුවේ වත්මන් රජය මෙම රණවිරු පවුල්වල අවශ්‍යතා සපුරාලීමට සහ කඩිනම් සහ ප්‍රායෝගික විසඳුම් තුළින් ඔවුන්ගේ ජිවන යහපැවැත්ම සහතික කිරීමට කැපවී සිටින බවය.

කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවති මෙම සාකච්ජාවට මීට පෙර රණවිරුවන්ගේ සුභසාධන කටයුතු පිලිබඳ සොයා බැලීම සඳහා පත්කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් – ආරක්‍ෂක, මුදල් ආර්ථික ස්ථායිකරන හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාම වැටුප් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන්, විෂයානුබද්ධව කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *