Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අනාරක්ෂිත හෝටලයක් කඩා වැටී සිසුන් 6ක් රෝහල්ගත කරයි

1 month ago 3.7 K

ගිනිගත්හේන නගරයේ ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට අනාරක්ෂිතව ඉදිකර තිබූ වෙළෙඳ සැළක ආහාර ලබා ගැනීමට ගිය සිසුන් හය දෙනෙකු එහි තිබූ ලී පොලව කඩා වැටී අනතුරට පත්ව තිබේ.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ 10 වැනි ශ්‍රේණියේ විදුහලක ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.

ඔවුන් එම නගරයේ බාහිර පන්තියකකට සහභාගී වීම සඳහා පැමිණ ආහාර ලබා ගැනීමට මෙම ආපනශාලාව වෙත පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

ඔවුන් එම හෝටලේ බිම්මහල තුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩා වැටී අඩි 15ක පමණ බෑවුමකට මෙම සිසුන් පිරිස පෙරළී ගොස් තිබේ.

අනතුරින් පසු ප්‍රදේශාවාසීන් අදාළ සිසුන් පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර මේ වන විට හෝටලය වසා දැමීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධය ගිනිගත්හේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන අතර සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *