ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබාදීමට සතොස වෙළඳසැල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ අනුව රට පුරා පවතින සතොස වෙළඳසැල් සංඛ්‍යාව ඉදිරි වසර 03 ඇතුළත දහසක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.
එමෙන්ම පාරිභෝගිකයන්ට පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම වසර තුළ දී පමණක් සතොස වෙළෙඳසැල් 150කට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කිරීමට බලාපොරොත් වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අනුරාධපුර පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පිහිටි සතොස වෙළඳසැල නවීකරණයෙන් පසු විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
එම අවස්ථාවට සතොස සභාපති සමිත පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියා.