හබරණ පොලිස් වසමේ පලුගස්වැව ප්‍රදේශයේ නිවසක බිලිඳෙකු පෙරදින රාත්‍රියේ මියගොස් ඇති බවට ඊයේ (17) හබරණ පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් ලැබී ඇත.
මාස 10ක් වයසැති එම බිලිඳා සිය මව, පියා සහ සහෝදරයා සහ සහෝදරිය සමග බුලනගම, පලුගස්වැව ප්‍රදේශයේ පිහිටි නිවසේ පදිංචිව සිට ඇත.
පසුගිය 16 වන දින රාත්‍රී කාලයේදී පියා නිවසින් බැහැර ගොස් සිටියදී නිවස පිටුපස ඇති වතුර වළකට දරුවා දමා නැවත ගොඩටගෙන නිවසේ ඇඳ මත තැබූ බවට මව විසින් ප්‍රකාශ කර ඇත.
මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර අපරාධය සම්බන්ධයෙන් මිය ගිය බිලිඳාගේ මව අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 34 හැවිරිදි වියේ පසුවෙයි.
හබරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.