Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය වැටලීමකදී සොයාගත් වැඩිම මුදල හමුවෙයි

1 month ago 7.1 K

පොලීසිය විසින් කරන ලද වැටලීමකදී සොයාගත් වැඩිම මුදල් ප්‍රමාණය සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ඒ අනුව, පොලිස් ඉතිහාසයේ ලැබුණු වැඩිම මුදල් ප්‍රමාණය ලෙස රුපියල් කෝටි 28කට අධික (ලක්ෂ 2,833ක්) මුදල් ප්‍රමාණයක්
අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයකදී සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

මෙම මුදල් අයත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිටත් බන්ධනාගාරයේ සිටින බවත්, සොයාගත් මුදල් බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් බවත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

එමෙන්ම මුදල් සමග වාහන දෙකක් අත්අඩංගුවට ගත් බවත්, ග්‍රාමීය ප්‍රදේශයක නිවසක මෙම මුදල් සඟවා තිබියදී සොයාගත් බවත්, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *