Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිවෙස් කොල්ලකෑ කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට

1 month ago 3.8 K

පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක් ඇතුළු 5 දෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

කොල්ලකෑ බව කියන රුපියල් කෝටියක් පමණ වටිනා රන් ආභරණ හා දේපළ තොගයක්ද වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වි ඇත්තේ, මතුගම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන තාවතාලිකව පදිංචි වි සිටි 36 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 33 හැවිරිදි සැමියා හා කාන්තාවගේ සොහොයුරන් දෙදෙනකු හා මිතුරකු බව පොලිසිය සදහන් කරනවා.

මොවුන් විවිධ ප්‍රදේශවලට ගොස් නිවාඩු නිකේතනවල දින කිපයක් රැදි සිටමින් ඒ අවට නිවාසවලට දිවා රාත්‍රි කාළවලදි කඩා වැදි කොල්ලකෑම් සිදුකර පලා ගොස් ඇති බවට හෙළිවි තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *