Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

1 month ago 2 K

වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් ලකුණු 139 දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) සමත් විය

ඒ, සත්කාරක මැලේසියා කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 162ක් රැස් කළේය.

අනතුරුව ලකුණු 163ක ඉලක්කයක් හඹා ගිය මැලේසියා කාන්තා කණ්ඩායමට පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 23ක් පමණයි.

පන්දු යැවීමේ දී චමෝදි ප්‍රබෝධා ලකුණු 05කට කඩුලු 03ක් සහ ලිමංසා තිලකරත්න ලකුණු 03කට කඩුලු 02ක් බිඳ දැමීය.

ඒ, අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 139ක ජයක් හිමිකර ගත්තේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *