බේරුවල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.
එම නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට දිනාගැනීමට හැකිවී ඇත්තේ සභික ධුරයන් 32ක් පමණි.
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්ව තරග කළ ඒකාබද්ධ කණ්ඩායම සභික ධුර 68ක් දිනාගෙන ඇති බව සඳහන්.
පසුගිය සති කිහිපයේදී පැවති බහුතරයක් සමූපකාර නිලවරණයන්හිදී විපක්ෂයේ කණ්ඩායම් එක්ව ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස තරග වදිනු දැක ගත හැකි විය.