නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පළාත තුළ පාසල් වල මේ දිනවල විභාගය පැවැත්වෙන බැවින් හෙට දිනයේ පැවැත්වීමට තිබු විභාග විෂයන් 25 වනදා එනම් සෙනසුරාදා දිනයේ පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන් වේ.