Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

1 month ago 2.2 K

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු ඔය ද්‍රෝණියේ ඉහළ හා පහල ප්‍රදේශවලට නොකඩවා ඇදහැලෙන වර්ෂාපතය හේතුවෙන් ඒ අවට ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

රතු වර්ණයෙන් යුත් නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවා ඇත්තේ ජල මාපක වල විශ්ලේෂණය අනූව මෙතැන් සිට පැය 48 ක් දක්වා කාලය තුල වෙන්ගලචෙඩ්ඩිකුලම්, මඩු, මුසාලෛ, නැනඩ්ඩාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංවතුර නිම්නයේ පිටාර තැන්නට අයත් ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

මේ හේතුවෙන් මල්වතු ඔය අවට පහත් බිම් හරහා වැටී ඇති දැනට යටවී පවතින මාර්ග දැඩි අවධානම්කාරී වනු ඇති අතර මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, ගල් ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතු කොටගෙන ගල් ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව දැනුම් දී තිබේ.

මේ තත්ත්වය මත ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වල පිහිටි අඩ්ඩාලච්චේනෙයි, අක්කරෛපත්තු, අම්පාර, දමන, එරාගම, මඩුල්ල, නින්දවූර් සහ සමන්තුරෛ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශ වලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශ වල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට අවධාරණය කරයි.

තවද පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ආපදා කළමනාකරණ අංශවලට දැනුම් දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *