Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තරුණ හමුදා සෙබළෙක් හා ගුරුවරියක් පන්නල කැළයක් මැද සියදිවි නසාගනී

1 month ago 10.5 K

වස පානය කර සියදිවි නසාගත් තරුණ යුවළකගේ මළ සිරුරු, පන්නල ප්‍රදේශයේ වනාන්තරයකින් සොයා ගෙන තිබෙනවා.

පන්නල කංකාණියම්මුල්ල රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ තරුණ යුවළකගේ මළසිරුරු තිබෙ‍න බවට ජනතාව විසින් පොලීසියට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව පොලීසිය විසින් 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුගේ සහ 32 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරු මෙලෙස සොයාගෙන තිබෙනවා.

පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ, ඔවුන් දෙදෙනාම වස පානය කර සියදිවි නසාගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයා හමුදා සේවයේ යෙදී සිටි අයෙක් වන අතර, කාන්තාව ගුරුවරියක් ලෙස සේවය කළ බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *