ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වේ.
බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ සිඩ්නි සික්සසඊ හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම් අතර සිකුරාදා පැවැති තරගයේදීයි ඔහු දකුණු වැලමිටෙහි ආබාධයකට ලක්ව ඇත්තේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ ස්මිත් මේ වන විට විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගන්නා බවයි.
ඔස්ට්‍රේලියාවේ නිත්‍ය නායක පැට් කමින්ස් සිය දෙවන දරුවාගේ උපත සහ වළලුකර ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි.
ඒ හේතුවෙන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේ වැඩබලන නායක ලෙසින් පසුගියදා පත් කළේය.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත.