Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ජනවාරි 22 දා

1 month ago 345

රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුතු වෙන්දේසියක් මෙම ජනවාරි 22 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 50, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 70,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව සඳහන් කරයි.

වෙන්දේසිය සඳහා ලංසු භාර ගැනීම ජනවාරි 22 දා දහවල් 11.00 දක්වා සිදුකෙරෙන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන පහක් බවත් මහ බැංකුව නිවේදනය කරයි.

මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ජනවාරි 24 දා සිදුකිරීමට නියමිතය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *