මහනුවර, පන්විල පොලිස් වසමේ බැද්දේගම ප්‍රදේශයේ ගමන්ගත් සුපිරි ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන හුළු ගඟට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු බව සඳහන්.
එමෙන්ම ජීප් රිය පැද වූ පුද්ගලයා අතුරුදන් වී ඇති අතර තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව පන්විල පොලීසිය පවසයි.
අනතුරෙන් මියගිය එක් අයෙක් මහනුවර තල්වත්තේ පදිංචි ව්‍යාපාරිකයෙකු බව සඳහන්වේ.
අනතුර සම්බන්ධයෙන් පන්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.