මොරටුව පොලීසිය ඉදිරිපිට ඊයේ(19) රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.
ගම්වාසීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් 100කට අධික පිරිසක් මොරටුව පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධාවයක නිරත වීම හේතුවෙන් මෙම උණුසුම් තත්වය හට ගෙන තිබේ.
මොරටුව පොලිසිය සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිරිපිට නිර්මාණය කරමින් තිබූ තොරණක් හේතුවෙන් එහි සිටි පිරිසක් මාර්ගයට අවහිරවන ලෙස රැඳී සිටි බවයි.
ඒ හේතුවෙන් ඔවුන්ව ඉන් ඉවත්කිරීමට රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් කටයුතු කිරීමේදී පිරිසක් ඊට බාධා කළ බවයි.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පහරකෑමකට ලක්ව ඇති අතර, එම නිලධාරීන් මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
එම පහරදීම හා ඇති වූ තත්ත්වය මත රාජකාරියට බාධා කළ බව පවසමින් මොරටුව පොලීසිය විසින් මේ වනවිට පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීමට විරෝධය පලකරමින් ප්‍රදේශවාසින් මෙලෙස මොරටුව පොලීසිය අසලට පැමිණ ඇත.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ඇතුළු පියතුමන්ලා කිහිප දෙනෙකුද එම ස්ථානයට පැමිණ සිටියේය.

දිනකට පරිභෝජනය කළ යුතු ලුණු ප්‍රමාණය ගැන සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්
ගම්පොළම කම්පා කළ ඛේදවාචකයක්! 16 හැවිරිදි පෙම්වතිය එලොව යැවූ පෙම්වතාගේ සිරුර තේ වත්තකින් හමු වෙයි!
සිලි සිලි බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑග්
ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන 5ක වන්දි ඉල්ලයි
අම්බලන්ගොඩ දේවාල සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
ජනාධිපති වැය ශීර්ෂයේ මුදලින් නාමල්ගේ උපන්දිනය සැමරූ හැටි පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
2022, 2023, 2024 වසරවල උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට සුබ ආරංචියක්! රජයෙන් පොලී රහිත ණයක්!
ඖෂධ වර්ග 350ක මිල අඩු කෙරේ
දුන් පොරොන්දු ඉටු කරමින් ජනපති රටට ඉතිරි කළ මුදල හෙළි වෙයි
ජපානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස චීනයෙන් දැනුම්දීමක්
ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාග දෙකක්
නාමල් රාජපක්ෂ හා සුමන්තිරන් අතර හමුවක්