Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් බිහිසුණු බස් අනතුරක්! 14ක් රෝහලට!

1 month ago 8.2 K

සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර කන්තලේ මාර්ගයේ සේරුනුවර කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසනවා.

අද (20) අලුයම මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 49ක් පමණ ගමන් කර ඇති අතර අනතුරින් බස් රථයේ රියදුරු සහ රිය සහයක සමඟින් මගීන් 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

පසුව රියදුරු සහ මඟීන් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

අනතුරට හේතුව බස් රථයේ රියදුරුගේ අපරීක්ෂාකාරි රිය ධාවනය බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් සේරුනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *