ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් හත් දෙනකු තීරණය කර තිබේ.
ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම පිරිස සාකච්ඡා කර ඇත්තේ රට තුළ ඇතිවෙමින් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නව ජනාධිපතිවරයකු පත් කිරීමට අවස්ථාව උදාකර දිය යුතු බවයි.
කොතරම් බලා සිටි ද ජනාධිපතිවරයා ගේ නායකත්වය යටතේ රට යථා තත්ත්වයට පත්වන බවත් නොපෙනෙන නිසා රට ලේ ගංගාවක් බවට පත්ව දේපල ජීවිත හානි සිදුවීමට ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.
එනිසා ගෝටාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම ධුරයේ සිටිය හොත් අවසානයේ බෙදුම්වාදී බලවේග ශක්තිමත් වනු ඇතැයි ද රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වනු ඇති බවද ඔවුන් සාකච්ඡා කර තිබේ.
ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් ජනාධිපතිවරයා ධුරයට පත් කළ යුතු බව ද ඔවුන් සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා වත්මන් ඇමතිවරුන් තිදෙනෙකුද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චරිත හේරත්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති, උදේන කිරිදිගොඩ, අකිල එල්ලාවල ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්