Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැති ඇමති වාහන පර්මිට් ගැන ජනපතිගේ තීරණය

1 month ago 7.1 K

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“වෙනදා අමාත්‍ය ධුර බෙදන්නේ කොහොමද? මේ අමාත්‍ය ධුර ඥාති වර්ගයාට බෙදාගත්තේ. වෙනදා අමාත්‍යවරුන්ගේ කාර්යමණ්ඩලයට බඳවා ගත්තේ කවුද? බිරිඳ පුද්ගලික ලේකම්තුමිය. මට මතකයි කතානායක මහින්ද යාපා එතුමාගේ කාර්යමණ්ඩලය මහින්ද යාපා යායක්. ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. අද කිසිදු අමාත්‍යවරයෙක් පස්සේ වාහනත් නැහැ, පොලිස් රථත් නැහැ. ආණ්ඩුවේ අයට විතරක් නෙමෙයි විපක්ෂයට දෙන්නෙත් නෑ. මොකද පොලීසියට 21,000ක් මදි. ඒ මහත්වරු බොහොම අමාරුවෙන් වැඩ කරන්නේ.” 

“සමහරු නාවික හමුදාවේ නිලධාරීන් පාවිච්චි කළා නෝනගේ හැට්ටේ කටු ගහන්න. එහෙම රටක් වෙනස් කළේ අපි. එක ජනාධිපතිවරයෙකුට ආරක්ෂාව සඳහා වසරකට මිලියන 700ක් වියදම් කළා. පොලීසිය, හමුදාව, STF දහස් ගණනක්. ඔක්කොම අයින් කළා, හැටයි. තව කෙඳිරි ගෑවොත් හැටත් අයින් කරනවා. හැට තියාගෙන ඉන්න මහත්තයෝ කෙඳිරි ගෑවොත් වෙන දේ කියන්නම්. අපි කිසිදු අමාත්‍යවරයෙකුට ආණ්ඩුවේ ගෙවල් දෙන්නේ නැහැ . හිටපු ජනපතිවරුන්ට ගෙවල් දෙන්නෙත් නැහැ. මම දැන්මම ලියුමක් දෙනවා මට නම් ගෙයක් එපා කියලා.  හැබැයි අනිත් අය නම් දෙන්නේ නැහැ.”

“මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරන්න යැව්වා. කීයක් වටිනවාද, තවම ඉඩම තක්සේරු කරලා නැහැ. ගේ විතරක් තක්සේරු කළා, තක්සේරුව අනුව මාසික කුලිය ලක්ෂ 46යි. තවම ඉඩම කළේ නැහැ, බෞද්ධාලෝක මාවතේ. අපි ගේ ගන්නවා, පඩියෙන් තුනෙන් එකක් දෙනවා. එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා ඒ ගෙයි ඉන්න පුළුවන්. කුලිය දුන්නේ නැත්නම් එළියේ කරන්න ඕනේ, මේ රටක් හදන්න ඕනේ.  රටේ ජනතාව රවටලා ඔවුන් මහජනයාගේ ධනයෙන් විරාජමානව වැජඹෙනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගෙනඑනවා. පාර්ලිමේන්තුවේ කැන්ටින් එක ගැන විවාදයක් තියෙනවානේ. තව සතියක් දෙකකින් වෙන වැඩේ මං කියන්නම්. කෑම එක ගන්නවා නම් හරි ගාන ගෙවන්න ඕනේ, ඒක කරනවා.  ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන්නේ නැහැ .”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *