Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට ඇරඹේ

1 month ago 2.6 K

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී ඇති අතර, එම අයදුම්පත් අතරින් අස්වැසුම ප්‍රතිලාභය ලැබීම සඳහා සුදුසුකම් ලබන පිරිස තොරා ගැනීමේ අරමුණින් නිවෙස් වෙත ගොස් මෙම සංගණන කටයුතු සිදුකිරීමට නියමිත බව සඳහන්.

අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 34ක ප්‍රමාණයක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ලැබී තිබු අතර ඉන් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා තිබුණා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *