Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොල්කටා කනිෂ්ඨ වෛද්‍යවරිය අපයෝජනය කර ඝාතනයට ලක් කළ ඝාතකයාට අධිකරණය දුන් දඬුවම

4 weeks ago 6.1 K

ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ කනිෂ්ඨ වෛද්‍යවරියක් අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ස්වේච්ඡා සේවකයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර තිබේ.

කෙසේවෙතත්, ඔහුට ලබාදුන් දඬුවම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වූ බවත් ඇගේ මිනීමරුවා එල්ලා මරා දමනු ඇතැයි බලාපොරොත්තු වූ බවත් වෛද්‍යවරියගේ පවුලේ සාමාජිකයින් ප්‍රකාශ කර තිබේ.

එහෙත් මෙම නඩුවේ විනිසුරු අනිර්බන් දාස් මෙම නඩුව “දුර්ලභම නඩු වලින් දුර්ලභ” නොවන බැවින් මරණ දණ්ඩනයට සුදුසු නොවන බව සඳහන් කර තිබේ.

මියගිය වෛද්‍යවරියගේ සිරුර පසුගිය වසරේ අගෝස්තු 9 වනදා සොයාගනු ලැබුවේ කොල්කටා හි පිහිටි රෝහලක කාමරයක තිබියදීයි.

මේ සිද්ධිය ඉන්දියාව පුරා දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස වෛද්‍යවරිය ඝාතනයට ලක්වූ රෝහලේ සිවිල් ස්වේච්ඡා සේවකයෙක් වන 33 හැවිරිදි සන්ජේ රෝයි නමැත්තෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *