Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔබත් COPD රෝගය ගැන දැනුවත්ද? වෛද්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්

4 weeks ago 10.2 K

වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින්ගෙන් 10%කට COPD හෙවත් නිදන්ගත පුප්පුෂීය අවහිරතා රෝගය පවතින බවට ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පවසනවා.

ඇය පවසන්නේ 2017 වසරේ දී සිදුකළ සමීක්ෂණයකින් මේ පිළිබඳ අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම රෝගය සම්බන්ධයෙන් සමාජය තුළ නිසි අවබෝධයක් නොමැති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය පැවසුවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සමන්මලී දල්පදාතු මහත්මිය,

“ලෝකයේ මරණ අතරින් 7 වෙනි ස්ථානයේ තියෙනවා මේ රෝගය. ඔබට ඇදුම රෝගය තියෙනවා ඔබ බෙහෙත් ගන්නේ නෑ. නමුත් බෙහෙත් ගන්නේ නෑ. අවුරුදු 20ක් 30ක් යනකොට ඔබ COPD රෝගියෙක් විදියට මට එනවා. සිගරට් දුම පාවිච්චි කරනවා. ඔබ දන්නේ නෑ ඔබගේ පෙනහළු වලට කාලයක් පුරා ඩැමේජ් වෙනවා කියලා.

අවුරුදු 45ක් වගේ වෙද්දි ඔබ වෛද්‍යවරු සොයාගෙන යනවා. එතකොට තමා දැනෙන්න ගන්නේ මට හුස්ම ගන්න අමාරුයි කියලා. මම කන්දක් නගිද්දි තමා දැනෙන්නේ. මුල් අවස්ථාවේ දී මේක සැඟවිලා තිබිලා. 2017 පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ලංකාවේ වයස 40ට වැඩි 10%කට මේක තියෙනවා කියලා. මුල් අවස්ථාවේ දී මේක හොයාගන්නේ නැත්තේ මේක ගැන අවබෝධයක් නැති නිසා.

මේක අපි වළක්වා ගන්න නම් අපි වැඩකරන තැන වුණත් කොහේ වුණත් අනවශ්‍ය වායු දූෂණයන්ට අපි ගොඳුරු වීම සහ මාස්ක් නොපැලඳීම යන කරුණු දෙක කළොත් අපිට මේ රෝගයෙන් වැළකෙනවා.

දෙමව්පියෝ ඇති මේ COPD රෝගය හඳුනාගෙන නැතුව. ඇවිඳින්න අමාරුයි. එතකොට හතියක් එනවා. පොඩි හෙම්බිරිසාවක් ආවත් එයාලට අමාරුයි. එකම ප්‍රතිකාරය ඉන්හේලර් එක තමා. වෙන දෙයක් නෑ. COPD කියන්නේ නිදන්ගත රෝගයක් ඒක ඇදුම රෝගයට වඩා වෙනස්. ඒ නිසා ඉන්හේලර් එක දීර්ඝ කාලීනව භාවිත කරන්න ඕනේ.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *