Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

විනාඩි තුනකින් ගණිත ගැටළු 180ක් විසඳා ලෝක වාර්තා පොතට ගිය 8 හැවිරිදි මාතලේ දිනේෂ්

4 weeks ago 12.2 K

8 හැවිරිදි නිශ්වික් දිනේශ් රාජ් නමැති දරුවා තත්පර තුනකින් ගණිත ගැටළු 180කට ලිඛිතව නිවැරදි පිළිතුරු සපයමින් චෝලන් ලෝක වාර්තා පොතට එක්වීමට සමත්ව තිබෙනවා.

‘නිශ්වික්’ මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන දිනේශ්රාජ් මහතාගේ සහ ෂෙරින් දිනේශ්‍ රාජ් මහත්මියගේ පවුලේ දෙවන දරුවා වනවා.

ඒ අනුව විනිශ්චය මණ්ඩලය ඉදිරියේදී තත්පර 3යි දශම 23ක කාලයක් තුළදී වැඩිකිරීම, බෙදීම ඇතුළත් ගණන් 180ක් සහිත ගණිත ප්‍රශ්ණ පත්‍ර දෙකකට නිවැරදි පිළිතුරු සැපයූ නිශ්වික් ලෝක වාර්තා පොතට එක්වනු ඇති.

‘නිශ්වික් දිනේශ් රාජ්’ මාතලේ ජාත්‍යන්තර පාසලේ 4 වන වසරේ ඉගෙනුම ලබන අතර එම දරුවා කුඩා කල සිටම ගණිතයට කැමැත්තක් දක්වන බව වටහාගත් දෙමාව්පියන් ඔහුට වයස අවුරුදු හයේදී මාතලේ ඇබකස් ගණිත ඇකඩමිය වෙත යොමුකර තිබෙනවා.

ඇබකස් ගණිත ඇකඩමියෙන් ලද අඛණ්ඩ පුහුණුවෙන් ගණිතය පිලිබඳ දැණුම වඩා දියුණු කර ගත් ‘නිශ්වික් දිනේශ්‍ රාජ්’ ශිෂ්‍යයා චෝලන් විනිශ්චය මණ්ඩලය ඉදිරියේ තම දක්ෂතා පෙන්වමින් ගණිතයට දස්කම් දක්වන ශ්‍රී ලංකාවේ බාලවයස්කාර ශිෂ්‍යයෙකු ලෙස චෝලන් ලෝක වාර්තා පොතට එක්වීමට සමත් වීම විශේෂත්වයක්.

23 වැනදා උදෑසන කොළඹ ටී බී ජයා මාවතේ එක්සල් වර්ල්ඩ් සෙන්ටර්හි පැවති මෙම ලෝක වාර්තාව විනිශ්චය කිරීම සදහා චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනයේ ශ්‍රී ලංකාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා මහතා එක්ව සිටි අතරඑතුමාගේ අධීක්ෂණය මත නිශ්වික් තරඟයට එක්වෙමින් සිය දක්ෂතා දැක්වුවා.

නිශ්වික් ශිෂ්‍යයාගේ ගණිත දක්ෂතාවය නිරීක්ෂණය කළ චෝලන් ලෝක වාර්තා පොත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ උපසභාපති ශ්‍රී නාගවානි රාජා සහ පීපල්ස් හෙල්පින් පීපල්ස් ෆවුන්ඩේෂන් ආයතනයේ අධ්‍යක්ෂ ක්ලෝරන්ස් සාමුවෙල් යන මහත්වරුන් මෙය ලෝක වාර්තාවක් ලෙස සනාථ කරමින් ඒ වෙනුවෙන් පිදෙන සම්මාන පලකය, පදක්කම, හැඳුනුම්පත සහ ලිපි ගොණුවද සාඨිකාවද නිශ්වික්ට ප්‍රධානය කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *