Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජකාරීය පැත්තකින් තියලා සූර් වුණ පොලිස් නිලධාරින්ට වැඩ වරදින ලකුණු

1 year ago

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තම රාජකාරී කාලය අතරතුරදී පොලිස් සේවයට නොගැළපෙන අන්දමින් හැසිරෙමින් යම් ස්ථානයක නිදා සිටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ මෙම වීඩියෝව පිළිබඳව පොලිස්පතිවරයාගේද දැඩි අවධානය යොමු වී ඇති බවයි.

 මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා,

“පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තම රාජකාරී කාලසීමාව අතරතුර පොලිස් සේවයට නොගැලපෙන ලෙස හැසිරී යම් ස්ථානයක නිදා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මෙම සිදුවීමට අදාළ පොලිස් කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය ද පළ කළා.”

“එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *