Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ට්‍රම්ප් කළ යෝජනාවට පුටින් ප්‍රතිචාර දක්වයි

4 weeks ago 4.3 K

යුක්රේන යුද්ධය අවසන් කර සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා රුසියාවට යෝජනා කළේය.

ඒ ඔහුගේ ටෘත් සෝෂල් වේදිකාවේ සටහනක් තබමින්.

ඔහු කළ යෝජනාවට පළමුවරට ප්‍රතිචාර දක්වමින් සාම සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කරන සටන් විරාම ගිවිසුය්මේ කොන්දේසි මොනවාදැයි දැනගත යුතු බව රුසියාව ප්‍රකාශ කර ඇත.

සාම සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් රුසියාව අලෙවි කරන සියලු දේට ඉහළ මට්ටමේ බදු, තීරු බදු සහ සම්බාධක පනවන බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

සාකච්ඡා මේසයට පැමිණීමට ප්‍රථමයෙන් ජනපති ට්‍රම්ප් සටන් විරාම ගිවිසුමක් ලෙස දකින්නේ කුමක්දැයි රුසියාව දැනගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජ්‍ය තානාපති දිමිත්‍රි පොල් ල්යන්ස්කි සඳහන් කළේය. රුසියාව සටන් විරාම ගිවිසුමක් ලෙස දකින්නේ යුක්රේන අර්බුදයට මුල් වූ හේතු වලට විසඳුම් ලබාදීම පමණක් බවද ඔහු පැවසුවේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *