Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝකයේම ජනතාවට සහන සලසමින් තෙල් මිල අඩු කිරීමට ට්‍රම්ප් මැදිහත් වෙයි

4 weeks ago 4.2 K

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය සහ අනෙකුත් ඔපෙක් රටවලින් “තෙල් මිල අඩු කරන ලෙස” ඉල්ලා තිබෙනවා.

එසේ නොකළ හොත් අමෙරිකාව එම රටවලට ඉහළ තීරුබදු භාවිතා කරන බවයි ඔහු පවසා ඇත්තේ.

ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ විධායක නිලධාරීන් අමතමින් ට්‍රම්ප් මේ බව සඳහන් කර තිබෙනවා.

ඉහළ බොරතෙල් මිල රුසියානු-යුක්‍රේන ගැටුම සඳහා අරමුදල් පවත්වා ගැනීමට උපකාරී වන බව පවසමින්, ඉහළ මට්ටමක පවතින බොරතෙල් මිල නිසා යුද්ධය දිගටම පවතිනු ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

එබැවින් තෙල් මිල අඩු කිරීම මගින්, යුද්ධය අවසන් කළ හැකි බවත්, එමගින් ඔපෙක් රටවලට යුද්ධය අවසන් කළ හැකි බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *